Posts

Showing posts from 2020

සිව් වන මිහිඳු රජුගේ වෙස්සගිරි පුවරු ලිපිය

Image
සිව් වන මිහිඳු රජුගේ වෙස්සගිරි පුවරු ලිපිය තිසා වැවේ   වාරි ජලය  බෝ උපුල්වන් කසුබ්ගිරි වෙහෙර හෙවත්  ඉසුරුමුණි විහාරයට අයත් 144 කිරිය  හා පය 1 ක් වන කෙත් යායට ලබාදීම සම්බන්ධ පාලන නීති හා තවත් කරුණු අඩංගු ලිපියකි   හතර වන මිහිඳු රජුගේ වෙස්සගිරි පුවරු ළිපිය.  වෙසගිරියෙන් හමු වූ  මෙය දැනට පවතිනුයේ මහාවිහාර කෞතුකාගාරයේය.   කනගාටුවට කරුණක් වනුයේ රටේ අනාගතය භාරගැනීමට සිටින දුවා දරුවන් මෙම කෞතුකාගාරය වෙත ගෙන යාමට පාසල් චාරිකා සංවිධානය කරනු ලබන බොහෝ ගුරුභවතුන් ක්‍රියා නොකිරීම.   මේ කෞතුකාගාරයේ ඇති වැදගත්කම නොදන්නාකම හෝ එසේ මහා විහාර සංකීර්ණයට අනුබද්ධව කෞතුකාගාරයක් පවතින බව නොදන්නා නිසා වන්නට පුළුවන.   අනුරාධපුර පාසල් චාරිකා වලදී ද ප්‍රමුඛතාවය ලැබෙන්නේ අටමස්ථානය   කේන්ද්‍ර කරගත් වටවන්දනා මාර්ගය අවට කෙරෙහි වීම කනගාටුවට කරුණකි.   පාසල් චාරිකා වලදී   අභයගිරි, ජේතවන, මහාවිහාර කෞතුකාගාර මෙන්ම නුවරකලාවියේ ජන කෞතුකාගාරය නැරඹීම ට කාලය වෙන්කිරීම අගනා බව ප්‍රකාශ කරමි.  (වෙස්සගිරියේ  සැතපෙන ගල් ආසනයක් සහිත ගුහාවක ප්‍රවේශ දොරටු...