කෘතගුණ දැක්වූ විජයබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නස
පනාකඩුව තඹ සන්නස
කලගුණ සැලකීමේ උතුම් ගුණාංගය රණකාමී
පාලකයකු විසින් ගෞරවයෙන් සිහිපත් කොට තමා කුඩා කාලයේ ආරක්ෂාකොට රාජ්‍යත්වයට
පත්කිරීම සඳහා මහත් වෙහෙසක් ගත්
සිත්නාබිරු බිම් දණ්ඩනායක බුදල්නාට ඔහුගේ වෘද්ධ අවධියේදී පිරිනමන ලද මතු පරම්පරාවටම බලපාන්නා වූ දීමනාවන් සහ නිදහස
පිලිබඳ අණ පනත් අඩංගු සන්නසකි පනාකඩුව තඹ සන්නස.
මෙය රජෙකු විසින් පුද්ගලයකු ගේ
සේවාව අගය කරමින් දෙන ලද මෙතෙක් හමුවූ
පළමු තඹ සන්නස වන බව පිළිගැනේ.
පාසල් සිසුනට කියවීමේ හා තේරුම් ගැනීමේ පහසුව තකා එහි පෙළ
පහත ලෙස දක්වමි
“ස්වස්ති,
සිරි සිරිවත් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත්
මුළු දම්බදිව්හි අන් තැත් කුල පාමිණි කළ
ඔකාවස් රජ පරපුරෙන් බට්
කැත් උසබනට අග මෙහෙසුන් වූ ලක්දිව් පොළො
යොහෙන පරපුරෙන් හිමි
සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා
සිය වික්මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා
මුළු ලක්දිව් එක් සේසත් කැරැ
රජ වළන්දමින් ස වීසි හවුරුද්දක් ඉකුත්
සත් ළැඟු සත් විසි වන්නෙහි
කැත්තෙ සන්ද අව පස්මස්හි අව සතවක් දවස් නුරු පුරවරෙහි
සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින්
වැඩැහින් දෑ තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා
ප්රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක හා
ප්රහළ යසපබන්ද දසන්
මෙ රජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩනායක
පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ
විබලයෙන් සිජ රජින් පි රිහී ගල්වලැ වැළැහී
වන අවදියැ
අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.
ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ
අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන් පුසැ
ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි
වළගා
තන්හි තන්හි විග්රහ බැන්දෑ රුහුණු දනවු
පෙරෙළා එකත් කොට
ගල්වලින් බහා සිය රජහි පිහිටුවා දුක් වුන්
ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ
අන්වය ආවු සෙදඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ
ද
බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ
මුඩු නොග
න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැ නොමුස්නා
වරදකුදු ඇත
තුන් වරක් දක්වා ෂමා කරනු කො ට ච
පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.
නිග්‍රහ නොකරන කොට
මේ වැවස්ථා අප සිය කැතතුලෙහි
ඔකාවස් රජ පරපුරු
පු වත්නා තාක් සාසන කොට
දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා
දෙමුන් මෙගම්නාවිනි තුන් දා
දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ
හි වඩමින් ලොවැඩ වඩා
මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ න්
පුස්මින් මුළු ලොය්
පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට
දු න් වුන් ප්රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බට් කැත්
කුලෙහි රජ පරපුරු
පුවත්නා තාක් මෙකුන්
දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර
දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව
ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග්‍රහ නොකරනු කොට සත් විසි වන්නෙහි
දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක්
ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කොට
ගත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙ වැසථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.”
සන්නස ආරම්භ වන්නේ සම්ප්‍රදායානුකූලව රජුගේ පරම්පරා පාරිශුද්ධත්වය ප්‍රකාශ කෙරෙන ප්රශස්තියකිනි.
ඉන් අනතුරුව ද්‍රවිඩ භටයින් නමැති අන්ධකාරය දුරලා රාජ්‍යත්වයට පැමිණ වසර 27 ක්
ගතවූ පසු දෙන ලද සන්නසක් බව ප්‍රකාශ වේ.
මෙසේ බුදල්නාවනට වරදාන වරප්‍රසාද ලබා දීම සඳහා හේතු වූ කරුණු කරනා පැහැදිලිව
දක්වා තිබේ. ඒ අනුව කියවෙන්නේ දෙමලුන්ගේ
බලය හේතුකොටගෙන රාජ්‍ය බලය පිරිහී වනාන්තර ගතව ජීවත් වන කල පියාණන වූ මහාසාමි
මොග්ගල්ලාන ඇතුළු රජපවුලේ අය ආරකෂා කොට වන
මුල් පලා පල කවමින් පෝෂණය කර ගිය ගිය ප්‍රදේශ වල ඔවුන් සොයා පැතුරුන සතුරන්ගෙන්
වලකා ආරක්ෂා කොට රුහුණු රාජ්‍ය සාදා දී බලේ පිහිටුවීමට කරන කැපකිරීම හ මෙහෙවර
හේතුකොටගෙනය. එම දීමනාවල විශේෂත්වය වන්නේ
බුදල්නාවන්ගේ මතු පරම්පරා වලට බලපාන පරිධි මෙම සන්නස ලියා තිබීමයි.
“ මොවුන්ගේ දරු මුණුපුරන්
විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද
සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් ( මරණයෙන් ) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,
ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද,
යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට රජු
විසින්ම සොයා බලා බලා රටින් පිටුවහල් කරනු
මිස නිග්‍රහ නොකිරීම ද,
යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති්රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව පවත්නා තාක් බලපවත්වන්නට “අණ කර තිබේ.
මෙම ලිපිය මගින්
පළමු විජයබාහු රජුගේ කාරුණික භාවය , කෘතගුණ සැලකීම යන මානුෂ ගුණාංග උද්දීපනය වී
පෙනේ. මෙම ප්රදානය සඳහා කාලයක් ගත වුවද එයට
සමාකිරීමක් මෙන් දෝ බුදල්නාවන්ගේ මතු පරම්පරා කෙරෙනි කරුණාව දයාව දක්වන මෙන් අණ කර
තිබේ.
ප්‍රියන්ත
දිසානායක
thanks
ReplyDelete