Posts

Showing posts from May, 2020

වේවැල් කැටිය - දසවන සියවසේ අපරාධ හා දඬුවම

වේවැල් කැටිය සෙල්ලිපිය. හතර වන මිහිඳු රජතුමා අපේ රටේ  විශේෂයෙන් පරිපාලන යාන්ත්‍රණය  යතාවත් කිරීම සදහා කටයුතු කල රජ කෙනෙක්. මිහින්තලේ ආරාමය පරිපාලනය සදහා මිහින්තලා පුවරු ලිපි මෙන්ම අනුරාධපුරේ පුවරු ලිපිත් ප්‍රධාන වශයෙන් එකම කාර්යයකට ලියවුන ඒවා. වේවැල් කැටිය සෙල් ලිපිය වැදගත් වන්නේ දසගම් පාලනය හා අපරාධ නඩු විසඳීම සඳහා දඬුවම් ලබාදීම පිළිබඳව කරුණු දක්වා ලියා තිබීම නිසයි. අනුරාධපුරයට කිලෝමීටර් 25 ක් පමණ ඊසාන  දිගින් පිහිටි කැන්දෑකුලාන යන ගමෙහි පිහිටි පැතලි ගලක  ක්‍රි.ව  965 දී මෙම ලිපිය ලියවා තිබෙන්නේ රජතුමා රාජ්‍යත්වයට පත් වීමෙන් වසර නවයකට පසුව.   මෙය තත්කාලීන යුගයේ විසාල ජනාවාසයක් පිහිටි ප්‍රදේශයක් වන්නට ඇත.  ලිපියේ ඇති නීති අනපනත් පිළිබඳව සලකා බලන විට ඉතා විෂම සොරකම්, මිනී මැරුම් යනාදියෙන් ආකුල වූ යුගයක් එම  ප්‍රදේශයේ  පැවතී බවට කරුණු හඳුනා ගැනීමට පුළුවන්. එසේම මෙම සෙල් ලිපියේ පිටපත් විශාල ප්‍රමාණයක් (13) රට පුරා පවතින බවට   අසා ඇත්තෙමි. එසේ නම් කැන්දෑකුලානට පමණක් නොව රටේ බහුතරයකට මුහුණ දීමට තිබු තත්වයන් මග හැරවීම සදහා රජු...

පෝදා වෙළෙදාම තහනම්

Image
පෝදා වෙළෙදාම තහනම් - බදුලු ටැම් ලිපිය පැරැණි ලංකාවේ ශිලා ලිපි අතර   ගලින් කළ ටැඹක එක් පැත්තක හෝ පැති සතරේම ද ලියනු ලැබු ලිපි විශේෂයක්  වේ ඒවා ටැම් ලිපි නමින් හැදින්වේ. . මෙහි විස්තර කෙරෙන   බදුලු ටැම් ලිපිය  ගැන පුළුල් විස්තරයක් ආචාර්ය සෙනරත් පරණවිතාන මහත්මා එපිග්‍රැපියා සිලනිකා සංග්‍රහයේ තෙවැනි කලාපයේ පළකර තිබේ. ක්‍රි.ව. 1857 තරමේදී පමණ මෙය හමුවී ඇත්තේ මහියංගණ නගරයට සැතපුම් තුනක් පමණ දුරින් වූ සොරබොර වැව ප්‍රදේශයෙන් වර්ෂ  1857 ජෝන් බේලි නම් එවකට බදුල්ලේ උප අජන්තවරයා විසිනි.  පසු කලෙක එය බදුල්ල පුස්තකාලය  අසල පිහිටුවා ඇත. ඒ ආරක්ෂාව සඳහාය.   4 වන උදය හෙවත් සිරි සංඝබෝධි උදය රජු රජවීමෙන් දෙවන වර්ෂයෙහි ලියවා ඇත. උසින් අඩි 08  ක් පමණ වූ ගල් ටැඹක අඩි අටක පසුතලයට පිහිටන සේ සතර පැත්තේම ලියා තිබේ. ලංකාවේ සෙල්ලිපි අතර කිසිම තැනක දක්නට නොමැති ආකාරයේ කුඩා අකුරින් මෙය ලියවා ඇති අතර වෙළෙඳපල පරිපාලනය පිළිබඳව  ලියවී ඇති පැරණි නීති සමුදායක් මෙන්ම ගම හා ගැමි  සමාජය පාලනය සඳහා පනවන ලද නීති සමුදායක්  එමගින් පෙන්නුම්  කෙරේ. එ...

තවත් බැංකුවක්

ලබුඇටබැඳිගල සෙල් ලිපිය  ඇමතිවරයෙකුගේ පුත් වූ සිරිනක නම තැනැත්තෙක් මහතබක වෙළෙඳ ශ්‍රේණියේ කහවනු සියයක් තැන්පත් කර ඒ තැන්පතුවට ලැබෙන පොලිය  දේවගිරි නම් ආරාමයේ  අරියවංශ උත්සවය උදෙසා වියදම් කල යුතු බව දක්වයි.  ඒ අනුව තෝනිගල ධාන්‍ය බැංකුවට වඩා මූලය ස්ථාවරත්වයක් යුතු විස්වසනීය බැංකු ක්‍රම පවතී බවට සෙල් ලිපිය ශාක්ෂි දරයි. එසේම අරියවංශ උත්සවය වැදගත් ආගමික කටයුත්තක් බව පැහැදිලිව පෙනේ. 

තෝනිගල ශිලා ලේඛණය

තෝනිගල ශිලා ලේඛණය  ලංකාවේ තෝනිගල නමින් හැදින්වෙන සෙල් ලිපි දෙකක් පවතී. ඉන් එකක් වන්නේ නිකවැරටිය පුත්තලම පාරේ ආනමඩුවට ආසන්න ව  හමුවන තෝනිගල ශිලා ලේඛනයයි.  එහි වැවෙහි බැම්මේ දෙපස යා වන ගල් පර්වත දෙකක  විශාල අකුරු වලින් කෙටු සෙල් ලිපි දෙකක් දැකිය හැකිය. ඒවා එම වැව අසල විහාරයකට පූජා කිරීම පිළිබඳව සදහන් සෙල් ලිපිය. අනෙක මැදවච්චිය ආසන්න නාගර ගලෙහි ඇති සෙල් ලිපියයි.  මා දක්වන පහත පෙළ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.  පෙළ සි  පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ වත ලෙගි     නක   තිනවනක වසහි  නකරහි උතරපසහි කළ හුමනක නියම තනහි සිය අ- විය කිණියෙහි නිකත කඩු බලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය     හ පුත දෙවයහ  යහිස පවය නවවහෙරකෙහි දින අරිය ච ස වට වී දෙහකඩ දස අමණක වී ඉච  ස අමණක  උදිඉව  බයලි දස අමණක ඉව (*)  මෙදෙහකඩ දස අ- මණක වී  පිටදඩහසහි වෙඪ  අකලහසහි වෙඪ  ම- දෙහසහි වෙඪ  පචවිසිය අමණක වී ඉච මෙස අමණක උදිහි   වෙඪ එක අමණ දෙපෙ...