වේවැල් කැටිය - දසවන සියවසේ අපරාධ හා දඬුවම
වේවැල් කැටිය සෙල්ලිපිය. හතර වන මිහිඳු රජතුමා අපේ රටේ විශේෂයෙන් පරිපාලන යාන්ත්‍රණය යතාවත් කිරීම සදහා කටයුතු කල රජ කෙනෙක්. මිහින්තලේ ආරාමය පරිපාලනය සදහා මිහින්තලා පුවරු ලිපි මෙන්ම අනුරාධපුරේ පුවරු ලිපිත් ප්‍රධාන වශයෙන් එකම කාර්යයකට ලියවුන ඒවා. වේවැල් කැටිය සෙල් ලිපිය වැදගත් වන්නේ දසගම් පාලනය හා අපරාධ නඩු විසඳීම සඳහා දඬුවම් ලබාදීම පිළිබඳව කරුණු දක්වා ලියා තිබීම නිසයි. අනුරාධපුරයට කිලෝමීටර් 25 ක් පමණ ඊසාන දිගින් පිහිටි කැන්දෑකුලාන යන ගමෙහි පිහිටි පැතලි ගලක ක්‍රි.ව 965 දී මෙම ලිපිය ලියවා තිබෙන්නේ රජතුමා රාජ්‍යත්වයට පත් වීමෙන් වසර නවයකට පසුව. මෙය තත්කාලීන යුගයේ විසාල ජනාවාසයක් පිහිටි ප්‍රදේශයක් වන්නට ඇත. ලිපියේ ඇති නීති අනපනත් පිළිබඳව සලකා බලන විට ඉතා විෂම සොරකම්, මිනී මැරුම් යනාදියෙන් ආකුල වූ යුගයක් එම ප්‍රදේශයේ පැවතී බවට කරුණු හඳුනා ගැනීමට පුළුවන්. එසේම මෙම සෙල් ලිපියේ පිටපත් විශාල ප්‍රමාණයක් (13) රට පුරා පවතින බවට අසා ඇත්තෙමි. එසේ නම් කැන්දෑකුලානට පමණක් නොව රටේ බහුතරයකට මුහුණ දීමට තිබු තත්වයන් මග හැරවීම සදහා රජු...