තෝනිගල ශිලා ලේඛණය
තෝනිගල ශිලා ලේඛණය
ලංකාවේ තෝනිගල නමින් හැදින්වෙන සෙල් ලිපි දෙකක් පවතී. ඉන් එකක් වන්නේ නිකවැරටිය පුත්තලම පාරේ ආනමඩුවට ආසන්න ව හමුවන තෝනිගල ශිලා ලේඛනයයි. එහි වැවෙහි බැම්මේ දෙපස යා වන ගල් පර්වත දෙකක විශාල අකුරු වලින් කෙටු සෙල් ලිපි දෙකක් දැකිය හැකිය. ඒවා එම වැව අසල විහාරයකට පූජා කිරීම පිළිබඳව සදහන් සෙල් ලිපිය.
අනෙක මැදවච්චිය ආසන්න නාගර ගලෙහි ඇති සෙල් ලිපියයි. මා දක්වන පහත පෙළ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
අනෙක මැදවච්චිය ආසන්න නාගර ගලෙහි ඇති සෙල් ලිපියයි. මා දක්වන පහත පෙළ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
පෙළ
සි
පුවිය
මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ
වත ලෙගි නක තිනවනක වසහි
නකරහි උතරපසහි කළ හුමනක නියම තනහි සිය අ-
විය කිණියෙහි
නිකත කඩු බලගමකෙහි වසනක
අමෙති පහෙජ සිවය හ පුත දෙවයහ
යහිස පවය නවවහෙරකෙහි දින අරිය ච
ස වට වී දෙහකඩ
දස අමණක වී ඉච
ස අමණක උදිඉව
බයලි දස අමණක ඉව (*)
මෙදෙහකඩ දස අ-මණක වී
පිටදඩහසහි වෙඪ
අකලහසහි වෙඪ
ම-දෙහසහි වෙඪ
පචවිසිය අමණක වී ඉච මෙස අමණක උදිහි
වෙඪ එක අමණ
දෙපෙකඩක උදිඉව
දසඅමණක බයලිහි වෙඪ අ
මණ දෙපෙකඩක
බයලි ඉව (*)
මෙවනක වනහි ගහෙ කිණිය විටවය
වෙඪගෙණ තිණඩහකට
දනවටඉව
අතරකජක වටඉව අතරකජ
(පරි) කර යපෙනි
ඉච දී මියවට පෙණිතිල ඉච බුත තෙල ඉච ලොණ
ඉච පලහවට ඉච වෙටලය ඉච වහෙර- ගසර-ප- පචනහි
ඉච පලහවට ඉච වෙටලය ඉච වහෙර- ගසර-ප- පචනහි
මිලිය පදිය ඉව (*)මෙව (නක) වෙඪ
වනක ගෙණ වනය ච(න)ය
අතොවසභි
නිකමණිය චදපුණමස දොළසපක දිවස
(අ) රියවස කරන
මහබිකු සගහට නියතකොටු යහිසපව(තන)
ව වහෙරක හි දිනි (*)
අර්ථය
මංගලයක් වේවා
. පෘතුවීශ්වර (පෙරසිටි) මහසෙන මහ රජුගේ පුත‍්‍ර
වූ සිරි
මේඝවණ්ණ අභය මහරජතුමා සේසත් එස වූ
තුන්වන වර්ෂයේ දී
නගරයෙ හි උතුරු දිශාවේ කලහුමනක නම් වෙළඳ
සභාවේ
(බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරනලද වස්තුව
අඩුවීමක් හෝ හීනවීමක් නොවන ලෙස
කඩුබලගම වාසය කරන
අමාත්‍යය පර්ෂදයේ සිවගේ පුත‍්‍රයා වන දේව විසින්
යහිස
පර්වතයෙහි අභිනව විහාරයට
දෙන ලද අරියවංශ වෘත්තිය පැවැත්වීම සදහා
වී සකට (කරත්ත)
දෙකක් හා දස අමුණක වී ද
අමුණු හයක උදු ද මුං ඇට
අමුණු දහයක් ද දෙන ලදි.
මෙම දස
අමුණක වී වල
මහකන්නයේ පොළිය ද
යළකන්නයේ පොළිය ද
මැදකන්නයේ පොළිය ද
වශයෙන් අමුණු
විසිපහක වී ද
උදු හය අමුණක පොළිය උදු එක අමුණු පෙකඩ දෙකක් ද
මුං දස අමුණක පොළිය
අමුණු දෙකයි පෙකඩ දෙකක්ද වේ.
මේ ඉහත කී තැන්පතුවේ මූල ධනය වෙනස් නොකොට
පොළිය ගෙන
බත් සදහා ද
අතුරුපස කෑමට ගන්නා ආහාර
මී කිරි, මී පැණි, කැවිලි,
තල, දුන් තෙල්,
ලුණු, පළා වර්ග
සහ කහ සඳහා ද
විහාරස්ථානයේ භෝජන
ශාලාවේ
ආහාර පිසින කටයුතු ගෙවීම සඳහා ද දිය යුතු ය.
මෙකී තාක් වස්තුව එහි පොළියෙන්
ගෙන
පැමිණෙන පැමිණෙන වස්කාලයක් තුළ
නිකිණි මස ශුක්ල පක්‍ෂයෙහි දොළොස් වන දිනයෙ
හි
අරියවංශ ප‍්‍රතිපදාව කරන මහා භික්‍ෂු සංඝයාට
නියම කොට යහිස පර්වතයෙහි අභිනව
විහාරයට දෙන ලදි.
මෙම ශිලා ලේඛනයට අනුව සිරි මේඝවර්ණාභය රාජ්‍ය සමය වනවිට
ලංකාවේ ඉතා දියුණු කෘෂි ආර්ථිකයක් පවතී බව පෙනී යයි.
වගාකරන භෝග හා ඒවා කන්න තුනක් වගා කල බව සඳහන් වන
අතර එය අභියෝගයක් රාශියක් ජයගැනීමකි.
මේඝවර්ණාභය රජුට පූර්ව රාජ්‍ය කල මහසෙන් රජුගේ සමය තුල
වාරි කර්මාන්ත වල ඇතිවූ පිබිදීම මෙම කන්න තුනක වගාකරවීම සඳහා
හේතු සාදක වන්නට ද ඇත. එම කන්න හදුන්වා ඇත්තෙ
පිටදඩහස, අකලහස ,ම-දෙහස යන නම් වලිනි.
අනෙක් ප්‍රධාන කරුණ වන්නේ ධාන්‍ය බැංකුවක් පිලිබදව වන
සඳහනයි. ඒ අනුව ධාන්‍ය අතිරික්තයක් සහිත වුවන්
මෙන්ම බැංකුවෙන් පොලියට ධාන්‍ය ලබාගත් පාරිභෝගිකයන් වූ බවද
තහවුරු වේ. එසේම ධාන්‍ය තැන්පත් කොට ලබාගන්නා පොලිය
ස්ථාවර නියෝගයකට යටත්ව වැය කිරීම සිදුකර තිබෙන අයුරු අපූර්ව
වේ. එසේම විවිධ ධාන්‍ය සඳහා වෙනස් පොලී ප්‍රමාන නියම
කර තිබේ. වී සඳහා එය 50% වන අතර අනෙක් ධාන්‍ය සඳහා එය 25% ක්
වේ. ඒ වාර්ෂික පොලිය වන අතර කන්න තුනක් වගා කෙරුණි නම් එය
කන්නයකට සාධාරණ පොලියක් ලෙස ද සැලකිය හැකිය. එසේම වීර්ය
වන්ත ගොවියෙකුට ජීවිතය නගා සිටුවා ගැනීම උදෙසා ලබාදෙන
අත්වැලක් වන්නේය.
එසේම ධාන්‍ය මිනුම් කටයුතු කළ ආකාරය සුවිශේෂය. අමුණු සහ
කරත්ත ප්‍රමාණාත්මක මිනුම් සඳහා භාවිතා කර ඇත.ඒවා දක්වන්නේ
හකඩ , පෙකඩ හා අමුණු යන යෙදුම් මහිනි.
එකල ආහාරයට ගන්නා ලද ප්‍රධාන ධාන්‍ය වී, උඳු, මුං, වන්නට ඇත.
අමතර ආහාර ලෙස මී කිරි, මී පැණි, කැවිලි, ද තල, දුන් තෙල්,
ලුණු, සහ කහ ආහාර පිසීම සඳහා ද බහුල වශයෙන් යොදාගන්නට
ඇතිබව පෙනේ. එසේම ඊවායේ ඖෂධීය ගුණය පිළිබඳව සැලකීම වටී.
දුන්තෙල් පැවතීම ගවයන් කිරි සඳහා ඇතිකළ බව සනාත කරන්නකි.
එසේම ගවයා භාණ්ඩ ප්‍රවාහනය සඳහා උපකාරී කරගත් බව කරත්ත
ප්‍රවාහනය උදෙසා යූදාගෙන තිබීමෙන් පෙනේ. ඒ අනුව ගවයා
සම්පතක්ව පැවතුනි.
මෙහි සඳහන් උඳු, මුං, තල හේන් වගාව ප්‍රචලිත වූ බව පෙන්නුම් කරයි.
කහ ගෙවතු වල වගා කෙරෙන්නට ඇත. ලුණු මුදුකරය ආශ්‍රිතව
නිෂ්පාදන කර්මාන්තයක් ලෙස පවතින්නට ඇත.
අරියවංශ ප්‍රතිපදාව යනු කුමක්ද යන්න අවිනිශ්චිත වුවත් එය වාර්ෂික
පොහොය කර්මයක් වන්නට ඇත. කෙසේ වෙතත් එය විශාල පිරිවැයක්
සහිත පූජාවක් වුවාට සැක නැත.
ප්‍රියන්ත දිසානායක
Comments
Post a Comment