පෝදා වෙළෙදාම තහනම්
පෝදා වෙළෙදාම තහනම් - බදුලු ටැම් ලිපිය
"සිරිබර කැත්කුල කොත් උකාවස් රද පරපුරෙන් බට්
පෝදා සල්කළාකුගෙන් වැපුදයට තෙල් පද්දක් ගන්නා ඉසා
යන නීතියත් පනවා ඇත්තේ ඒ නිසාය.
මිනිසුන් ඍජුවම ආහාරයට ගන්න බුලත් පුවක්වැනි ඛාජ්‍ය ය භෝජ්‍ය ද්‍රව්‍මණ්ඩප වල තබා විකිණිය යුතු බව පවසා ඇත්තේ ඒවා මින් පෙර සෞඛ්‍ය ආරක්ෂිතව තබා විකුණා නොමැති බැවිනි.
නීතිය හා සාමය ආරක්ෂාකිරීමට අදාල වැදගත් වගන්තියක් මෙහි සඳහන්ව ඇත " මෙගම්හි ලෑ මිනිකොටා යත් රදොලනට ලැබි නවත්නා සෙයින් නවතනු ඉසා" . යනු ගමෙහි
යමෙකු මරා යතොත් රාජකීය නිලධරය න් බලය යොදවන අයුරින්ම ඔහු නවත්වා අල්වා ගත යුතුය ' යනුයි.
මෙම නීති සඳහන් ලිපිය පිහිටුවීම සදහා පැමිණි නිලධාරීන් කිහිපදෙනෙක් ගැනද සඳහන් වේ. තලින්නරු වේ උදහි ද මනිතිලා වේ සෙන් හෙවත් සේන නියෝජනය කරමින් නීති නිලධාරීන් වන වන මනිතිලැ තාරුමද, ගලවැමිණිද, ගොලගමු
නිලා දෙවල ද, "මගුල් මහාලේ සමන්නා අරක්සමණන් වරැ කුඩසලා වත්කැමි දෙව්" හෙවත් රාජ්‍ය මහලේකම්ගේ ආරක්ෂක කාර්ය මණ්ඩලයේ නියුතු
කුඩසලා වත්කැම් දේව ඒ අයයි.
picture credit / Department of Archaeology
( දරුවන්ට - සෙල් ලිපියට පිටුපසින් ඇත්තේ කුඩා වැව් වල සොරොව්වට සැපයෙන ජලය පාලනය කිරීම සඳහා සකසන ලද පාෂාණමය ජල පාලන විවරයයි. විශාල වැව් වල බිසොකොටුවට එවැන්නක් සවිකර තිබුණි දැයි නොදනිමි. එසේ වුවා නම් මොහොල සවිවිය යුත්තේ මෙම සතරැස් පාෂාණයේ උඩ විවරයටය. )
ප්‍රියන්ත දිසානායක.
පැරැණි ලංකාවේ ශිලා ලිපි අතර ගලින් කළ ටැඹක එක්
පැත්තක හෝ පැති සතරේම ද ලියනු ලැබු ලිපි විශේෂයක් වේ ඒවා ටැම් ලිපි නමින් හැදින්වේ. . මෙහි
විස්තර කෙරෙන බදුලු ටැම් ලිපිය ගැන
පුළුල් විස්තරයක් ආචාර්ය සෙනරත් පරණවිතාන මහත්මා එපිග්‍රැපියා සිලනිකා සංග්‍රහයේ
තෙවැනි කලාපයේ පළකර තිබේ. ක්‍රි.ව. 1857 තරමේදී
පමණ මෙය හමුවී ඇත්තේ මහියංගණ නගරයට සැතපුම් තුනක් පමණ දුරින් වූ සොරබොර වැව ප්‍රදේශයෙන් වර්ෂ 1857 ජෝන් බේලි නම් එවකට බදුල්ලේ උප අජන්තවරයා විසිනි. පසු කලෙක එය බදුල්ල පුස්තකාලය අසල පිහිටුවා ඇත. ඒ ආරක්ෂාව සඳහාය. 4 වන උදය හෙවත් සිරි සංඝබෝධි උදය රජු රජවීමෙන් දෙවන වර්ෂයෙහි ලියවා ඇත.
උසින් අඩි 08 ක් පමණ
වූ ගල් ටැඹක අඩි අටක පසුතලයට පිහිටන සේ සතර පැත්තේම ලියා තිබේ. ලංකාවේ සෙල්ලිපි
අතර කිසිම තැනක දක්නට නොමැති ආකාරයේ කුඩා අකුරින් මෙය ලියවා ඇති අතර වෙළෙඳපල පරිපාලනය පිළිබඳව ලියවී ඇති පැරණි නීති සමුදායක් මෙන්ම ගම හා ගැමි සමාජය පාලනය සඳහා පනවන ලද නීති සමුදායක් එමගින් පෙන්නුම් කෙරේ. එසේම එම යුගය වන විට මෙරට සමාජ සංවිධානය, නිලධාරීන්ගේ දුෂිත බව, අසරණ ජනයා ගේ වස්තුව පීඩාකාරීව නිළදරයන් විසින් පැහැර ගැනීම යනාදී දේ පැවතී බව සනාථ කෙරෙන සෙල් ලිපියකි.
මෙය ලියන්නට හේතුව හෝපිටිගමුව ග්‍රාමයේ
වෙළෙඳපොළේ පැවැති පූර්ව චාරිත්‍ර උල්ලංඝනය කරමින් වැසියන් අපහසුතාවට පත්කෙරෙනා
අයුරින් අක්‍රමිකව වෙළෙඳපොළ පාලකයා විසින් එය කළේ යැයිද අනිසි ලෙස බදු අය කළේ යැයි ආදී වශයෙන්
වෙළෙඳපොළ පාලකයන්ට එරෙහිව මහියංගනයට පැමිණි රජතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් වීමයි. ඒ අනුව නීති සම්පාදනයට රාජකීය නිලධාරීන් පත්කළ රජතුමා පෙර සිරිත් ඒ ලෙසම
පවත්වාගෙන යා යුතු බව දක්වා නිලදාරීන්ට නීති සම්පාදනයට අණ කරන ලද අතර නිලධාරීන් නව නීති
රීති ද මෙහි අන්තර්ගත කර මෙම සෙල් ලිපිය කරවා ඇත. පාලකයන් විසින් ද
වෙළෙඳුන් විසින්ද වෙළෙඳාම හා පොලෙහි පාලනය හා ගමෙහි පාලනය පිළිබඳව කටයුතු කලයුතු ආකාරය පැහැදිලිව දක්වා ඇත.
ලක්දිව පොළො යොන පරපුරෙන් හිමි වූ ඒ මේ කුලෙන් බට්
සමුදගොන් බිසෝ රැදැනයැ උපැද
ඈපා මහයා සිරි විඳ පිළිවෙල සේ රැදැ පැමිණ රැදැ කල
සිරිසඟබො උදා මහ රදහු තුමා සත්ලැගු දෙවන හවුරුදුයෙහි ...... "
යනුවෙන් රජු පිළිබඳව කෙරෙන පරම්පරා වර්ණනාවක් හා රජු බලයට පත්ව කොපමණ කලකට පසුව සෙල් ලිපිය කරවන්නේද යන විස්තරයකින් ආරම්භ වේ.
මෙම නීති සෙල් ලිපිය පිහිටුවීම සඳහා හේතු කාරනා වුයේ
මෙම නීති සෙල් ලිපිය පිහිටුවීම සඳහා හේතු කාරනා වුයේ
' "ගිය දවසැ පදී ලද් දණ්ඩනායක ගැත්තන් සතළොසැ පිරිනිවියන් වහන්සේ දවස
කල වැවස්ථා ඉක්මැ අන්නෑයෙන් දඩ ගත්හ නොසිරිත් පඬුරු ගත්හ ....... "
යනාදී ලෙස රජුට කරන ලද පැමිණිල්ල යි.
එයට අනුව පෙර රජු යටතේ පැවතී නීති ලියවා තබන ලෙස රජු සභාවේ ලේකම් තුමාට දන්වා
රාජ්‍ය නිළධාරීන් විසින්සි පිහිටුවන ලද ව්‍යවස්ථා සිරිත් මාලාව වේ.
ඒ අනුව වෙළෙඳ පොළ භාරකාරයා හෝ ඔහුගේ ගැත්තන් ගමට ආ කල වෙළෙඳ සංස්ථාවේ සාමාජිකයන් හා ගමේ ප්‍රධානීන් රැස්ව සාකච්චා කර , මින් පෙර කාශ්‍යප රජුගේ කාලයේ පැවතී ව්‍යවස්ථා ලෙසට දඩ ගන්නවා මිස ගම වටලා, ගෙවල් සින්නයට ගෙන දඩ ලබා නොගත යුතුය. දඩ ගැනීම ගමෙහිදී මැ සිදුකරනවා විනා දඩ ගෙවිය යුතු අයගේ පවුලේ අය ගමෙන් පිටතට ගෙන ගොස් ඇපයට ගෙන දඩ නොඉල්විය යුතුය. යනාදී ව්‍යවස්ථා ලියවා තිබේ.
"ලී දඩ ට ස්වාමි ගීනුත් මිස අඹුදරුවන් වැලැක්මෙ නොගන්නා ඉසා "
ලියන ලද දඩයට ස්වාමියා අල්ලාගනු මිස අඹුදරුවන් නොගත යුතුය. ඒ කියන්නේ අදත් වෙනවනේ, වැරදිකාරයා අල්ලන්න එනකොට එයා නැතිනම්, පවුලේ කෙනෙක් අරන් යන්නේ වෙනරටවල පොලීසි. ඒ වගේ වෙලා තියනවා ඉස්සර හොපිටිගමුවේ.
'ගමට ආ රදොලන් රහ මස් දිහි තෙල් නො
ගන්නා ඉසා
ගමට ආ රදලයන් මිනිසුන්ගේ බලෙන් රා, මස් , ගිතෙල් ලබාගෙන ඇත.
( මිනිසුන් රා නිෂ්පාදනය කර පරිභෝජනය කර තිබේ. ගව පාලනය යහමින් පැවතඇති අතර ගිතෙල් අහාර පිසීමේදී ප්‍රධාන යෙදවුමක් වී පැවති බව අනුමාන කල හැකිය. අර ඉස්සර සිදුවක තිබුනා " " උගුඩුවෝ වගේ රා බොන්නෙ හාලරාමිලා " කියල ඒ වගේ වෙන්නැති.)
"වතු පෙත්වත් වැද රහ නොගන්නා ඉසා"
නිලධරයන් ගැමියන්ගේ වතු වලට ගොස් රා අරගෙන තිබෙන බව දක්වා ඇති ආකාරයයි. වතුවල රා පෙරලා තියන බව එකෙන් පෙනෙනවා. හකුරු , පැණි හදා ගත්තේ ඒවගෙන් නෙ එතකොට කිතුල්ද , පොල් ද කියන එකත් තිබුනානම් , ඒ කාලේ පොල් වගාවන්තිබුන බව දැන ගන්න තිබුනා නෙ.)
දුෂිත නිලධාරීන් බලය අයුතු ලෙස භාවිතා කරන අයුරු මනාව පෙනේ.
සොර වෙළෙදාම් නොකරනු ඉසා
වෙළෙඳුන් වංචනික ලෙස වෙළෙඳාමේ යෙදී ඇති ආකාරය පේනවනේ. හොරට කිරන්න ඇති බාල බඩු දෙන්න ඇති.
පෝදා සල්කළාකුගෙන් වැපුදයට තෙල් පද්දක් ගන්නා ඉසා
මියුගුණ මහ වෙහෙරැ වැ පුද පවත්වනු ඉසා'
පොහොය දින වෙළෙඳාම සිදුකරන අයෙකුගෙන් මියුගුණ විහාරයේ පූජාවට තෙල් පතක් දඩ ගෙවිය යුතුය. එමගින් විහාරයේ පහන දැල්විය යුතුය. එසේ නොවේ නම් පෙර සිරිත් අනුව දඩ ගත යුතුය. මියුගුණ විහාරය කියන්නේ මහියංගන මහා විහාරය.
බඩු රැගෙන ගමට එන ගැල් ගොනුන් නොගත යුතු බව පැවසුයේ "බඩු ගෙනැ ගම වන් ගොණි ගොන් නොගන්නා ඉසා" යනුවෙනි . ඒ කියන්නේ බදු දෙන්න බැරි උනාම ඇපයට ගොන් බාන අරගෙන. වෙළෙන්දා කරත්තේ අරන් ආපසු ගිහින් හමාරයි. එතකොට අසරණ වෙන මිනිහ බදු කොහොම හරි ගෙවල ගොන්නු නිදහස් කරගෙන කරත්තේ අරන් ගෙදෙර යනවා.
වෙළෙඳ පලට රැගෙන එන බඩු පෙරමගට ගොස් අත්තිකාරම් දී රැගෙන වෙළෙඳ පොලෙහි වැඩි මිලට වෙළෙඳුන් අතර විකිනු අය සිටින්නට ඇති බව " පදී වදනා බඩු පෙරමගට ගොස් නොගන්නා ඉසා"
යන නීතිය පැනවීමේ හේතුව ලෙස සැලකිය හැකිය. අනෙක් අතට වෙළෙඳපොළට ආවොත් විතරනේ බදු අයකරගන්නා පුළුවන්. අසාධාරණ බදු තිබුණු කාලේ වෙළෙඳපොළට පිටින් වෙළෙඳාම තිබුන කියල හිතන්නත් පුළුවන්.
රාජකාරි කරන නිලධාරීන් ගමට කරදර නොකිරීමද එම නිලධාරීන්ගේ සේවකයෝ ගමට ගෙනෙන සුරා, මස්, දී කිරි හා තෙල් ආදිය පැහැර නොගැනීමද කල යුතු බවට නීති පනවා තිබේ. ඒ අනුව පෙනෙන්නේ ගමෙහි වාසීන්ද යම් පිරිසක් අවනීතිය කොට ජීවත් වූ බවයි. සංහිදියාවෙන් තොර සමාජයක ස්වභාවය මෙහි දක්නට ලැබේ.
වෙළෙන්දන් අද මෙන්ම එදත් භාණ්ඩ සඟවා තබා වැඩි මිලට අලෙවි කර ඇතිවග මෙම සෙල් ලිපියෙන් අනාවරණය වේ. සඟවා තබා විකුණන භාණ්ඩ සඳහා දෙගුණයක් අය බදු ගන්නවා විනා ආරවුල් ඇති කළ ගත යුතු නොවේ යන අර්ථය දෙන " නොපෑ විකි දියෙහි දී ණ සුන්වත් ගනු මිස ආකුල නොකරනු ඉසා" යන යෙදුම ඒ සඳහා නිදසුන්ය. වෙළෙඳපල තුළ හොර කිරුම් මිනුම් පැවතුනි එමනිසා ඒවා තහනම් කිරීමට නීති පැනවීමට සිදු විය. "බදු මිනු ලහසියෙන්ම මිස සෙසු ලහසියෙන් නොමිනනු ඉසා " යන නීතියත් " නොවැටු මදඩියෙන් නොකිරනු ඉසා"
මිනිසුන් ඍජුවම ආහාරයට ගන්න බුලත් පුවක්වැනි ඛාජ්‍ය ය භෝජ්‍ය ද්‍රව්‍මණ්ඩප වල තබා විකිණිය යුතු බව පවසා ඇත්තේ ඒවා මින් පෙර සෞඛ්‍ය ආරක්ෂිතව තබා විකුණා නොමැති බැවිනි.
'බුලත් පුවක් මණ්ඩපයේ තබා විකුණනු කොට ඉසා නො තැන තබා වික්ක දුටුවා රදොළන් හරවා ගන්නා ඉසා යන වගන්තිය සඳහන්ව ඇත්තේ ඒ නිසාය.
හෝපිටිගමුව සම්බන්ද වූ විහාර මූලයන් දෙකක් පවතින්නට ඇති බවත් එම විහාර මූල සතුව සේවකයන් හා කැලෑ ඉඩම් පැවතී බවත් එම කැලෑ වල ගස් නොකැපිය යුතු බවත් දක්වා ඇත. ඒ
"දෙමුළැබද්වල් වලැ දඬුපත් නො කපනු ඉසා'" යනුවෙනි.
මේ යුගයේ ප්‍රාදේශීය පාලනය සම්බන්ධව වැදගත් තොරතුරු මෙම ලිපියෙන් අනාවරණය වේ. ඒ ගම පාලනය සදහා අටදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් වැනි යම් ආයතනයක් පවතී බවයි. එම පුද්ගලයන් ස්වාධීනව කටයුතු කල යුතු නිසාදෝ " මෙගැම්හි අට දෙනාගේ නවාතැන් නොගන්නා ඉසා" යනුවෙන් දක්වා ඇත. එසේම රජු හෝ රජයේ ඉහල නිළධාරීන් පැමිණි විට දැකුම් පඬුරු දීම සම්ප්‍රදායක්ව පවත් ඇති අතර එම සම්ප්‍රදාය පවත්වාගැනීම අනුමත කර ඇත. එසේම ගම අඩවිය පරිපාලනය සඳහා අටදෙනෙකුද , දඬුවම් පැමිනවීමාදී කටයුතු සදහා අට දෙනෙකුද වූ බවද මෙම ලිපියේ සඳහන් වේ.
හෝපිටිගමුව සම්බන්ද වූ විහාර මූලයන් දෙකක් පවතින්නට ඇති බවත් එම විහාර මූල සතුව සේවකයන් හා කැලෑ ඉඩම් පැවතී බවත් එම කැලෑ වල ගස් නොකැපිය යුතු බවත් දක්වා ඇත. ඒ
"දෙමුළැබද්වල් වලැ දඬුපත් නො කපනු ඉසා'" යනුවෙනි.
මේ යුගයේ ප්‍රාදේශීය පාලනය සම්බන්ධව වැදගත් තොරතුරු මෙම ලිපියෙන් අනාවරණය වේ. ඒ ගම පාලනය සදහා අටදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් වැනි යම් ආයතනයක් පවතී බවයි. එම පුද්ගලයන් ස්වාධීනව කටයුතු කල යුතු නිසාදෝ " මෙගැම්හි අට දෙනාගේ නවාතැන් නොගන්නා ඉසා" යනුවෙන් දක්වා ඇත. එසේම රජු හෝ රජයේ ඉහල නිළධාරීන් පැමිණි විට දැකුම් පඬුරු දීම සම්ප්‍රදායක්ව පවත් ඇති අතර එම සම්ප්‍රදාය පවත්වාගැනීම අනුමත කර ඇත. එසේම ගම අඩවිය පරිපාලනය සඳහා අටදෙනෙකුද , දඬුවම් පැමිනවීමාදී කටයුතු සදහා අට දෙනෙකුද වූ බවද මෙම ලිපියේ සඳහන් වේ.
ලේඛනයේ තවත් තැනක දැක්වෙන පරිදි එවකට ගම ලද්දෙකුට ලබාදියයුතුව තිබුනේ පඬුරු විසිපහක් පමණි. නමුත් සතලොස පිරිනිවියන් වහනේගෙන් පසු මෙම නායකයන් බලහත්කාරයෙන් එම අගය පඬුරු පන්සියයක් දක්වා ඉහලදමාගෙන අනර්ථයක් සිදුකර තිබුණි. එමනිසා ලැබිය යුතු
පඬුරු විසි පහ පන්සියය දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් මිනිසුන් රජුට උද්ඝෝෂණය කර ඇත.
එය ඇසූ රජු පඬුරු විසිපහ පමණක් ගැනීම අනුමත කර වදාරා තිබේ.
'දෙමළුන්
වරගත් සම්දරු අව නොදෙනු ඉසා මහවුටියෙන් නෙරපිත් කර වූ අණ වියොහා කර යවනු ඉසා" යන යෙදුම අනුව එකල ද්‍රවිඩයන්ගේ බලය යම් පමණකින් පැවතී බවත් ඔවුන්ද ජනයාට බලපෑම් කරමින් සිටි බවත් පැහැදිලි වේ. එවැන්නෙක් පැමිණි කල අල්ලා මහතොට වරායෙන් ලංකාවෙන් පිටමන් කලයුතුබව දක්වා තිබේ. වරදක් කර සිටින පුද්ගලයකු අනවසරයෙන් ගමට ප්‍රවෙශ වන්නේ නම් පූර්වයේ දෙන ලද දඬුවම වී ඇත්තේ හිසට පැන් වත් කිරීමයි. " මේ වරදට පැන් ඉස නො පරහනු ඉසා " යනුවෙන් එය තහනම්ද කර ඇත. මෙලෙස හිස පැන් වත්කිරීම සරල ලෙස පෙනුනද සිදුකර ඇත්තේ පුද්ගලයා උඩුබැලිව නිදිගන්වා අත්පා හිස තරයේ ගැටගසා නළලට ඉහලින් එල්වන ලද බඳුනක කුඩා සිදුරකින් ජලය බිංදුව ගණනේ බොහෝ වෙලාවක් නළල මැදට වැටීමට සැලැස්වීමයි.
මෙම නීති වලට පටහැනිව යම් රාජ නිලධාරියෙක් කටයුතු කරන්නේ නම් රාජ සභාවේ ලේකම් මණ්ඩලයේ නිලධාරීනට දැනුම් දී ගැටළු නිරාකරණය කරගත යුතුය යනුවෙන් අභියාචනා ඉදිරිපත්කිරීමේ අවස්තාවක් පැවතී බව ද පෙන්වා දී තිබේ.

( දරුවන්ට - සෙල් ලිපියට පිටුපසින් ඇත්තේ කුඩා වැව් වල සොරොව්වට සැපයෙන ජලය පාලනය කිරීම සඳහා සකසන ලද පාෂාණමය ජල පාලන විවරයයි. විශාල වැව් වල බිසොකොටුවට එවැන්නක් සවිකර තිබුණි දැයි නොදනිමි. එසේ වුවා නම් මොහොල සවිවිය යුත්තේ මෙම සතරැස් පාෂාණයේ උඩ විවරයටය. )
ප්‍රියන්ත දිසානායක.
Comments
Post a Comment