වේවැල් කැටිය - දසවන සියවසේ අපරාධ හා දඬුවම
වේවැල් කැටිය සෙල්ලිපිය.
හතර වන මිහිඳු රජතුමා අපේ රටේ විශේෂයෙන් පරිපාලන යාන්ත්‍රණය යතාවත් කිරීම සදහා කටයුතු කල රජ කෙනෙක්. මිහින්තලේ ආරාමය පරිපාලනය සදහා මිහින්තලා පුවරු ලිපි මෙන්ම අනුරාධපුරේ පුවරු ලිපිත් ප්‍රධාන වශයෙන් එකම කාර්යයකට ලියවුන ඒවා.
වේවැල් කැටිය සෙල් ලිපිය වැදගත් වන්නේ දසගම් පාලනය හා අපරාධ නඩු විසඳීම සඳහා දඬුවම් ලබාදීම පිළිබඳව කරුණු දක්වා ලියා තිබීම නිසයි.
අනුරාධපුරයට කිලෝමීටර් 25 ක් පමණ ඊසාන දිගින් පිහිටි කැන්දෑකුලාන යන ගමෙහි පිහිටි පැතලි ගලක ක්‍රි.ව 965 දී මෙම ලිපිය ලියවා තිබෙන්නේ රජතුමා රාජ්‍යත්වයට පත් වීමෙන් වසර නවයකට පසුව. මෙය තත්කාලීන යුගයේ විසාල ජනාවාසයක් පිහිටි ප්‍රදේශයක් වන්නට ඇත. ලිපියේ ඇති නීති අනපනත් පිළිබඳව සලකා බලන විට ඉතා විෂම සොරකම්, මිනී මැරුම් යනාදියෙන් ආකුල වූ යුගයක් එම ප්‍රදේශයේ පැවතී බවට කරුණු හඳුනා ගැනීමට පුළුවන්. එසේම මෙම සෙල් ලිපියේ පිටපත් විශාල ප්‍රමාණයක් (13) රට පුරා පවතින බවට අසා ඇත්තෙමි. එසේ නම් කැන්දෑකුලානට පමණක් නොව රටේ බහුතරයකට මුහුණ දීමට තිබු තත්වයන් මග හැරවීම සදහා රජු ක්‍රියාකළ බව පෙනී යයි.
සෙල් ලිපිය ආරම්භ වන්නේ රජපෙලපත පිලිබඳ ප්‍රශස්ති වර්ණනාවකිනි.
"ශ්‍රී සිරිබර් කැත්කුල කොත් ඔකාවස් රජ්පරපුරෙන් බට්
කැත් උසබ්නට් අග්මෙහෙසුන් වූ ලක්දිව් පොළො යෝන පරපුරෙන් හිමි වූ සිරිසංග්බෝ අභා මහරජ්හු පුත් සිරිසංග්බෝ අභයි මහරජ්හු
සත් ලැගු ........" යනාදී ලෙස ආරම්භ වේ. බොහෝ සෙල්ලිපි මෙලෙස වර්ණනාවකින් ආරම්භ වීම සුලභ ලක්ෂණයකි. ඒ අනුව රජතුමා අමිශ්‍ර කුල පරම්පරාවකින් පැමිනෙන්නෙකු බව ජනයාට කියා තිබේ.
" උතුරු පසැ අම්ගම්කුලියෙහි කිබි (ග)ම්හි දෙමෙළ් වෙහෙර්
පමණියෙන් දස ගම්ට් එකෙක නායකයන් කිබිගම් ඇපැ දුන් නායකයන්
කුඩීන් මෙහි ඇතුලත්තාක් තැනැ" යනුවෙන් නීතීන්ට බලපානු ලබන භුමි සීමා දක්වා තිබේ. ඉහත සඳහන් අයුරින් බලන විට "දෙමෙළ් වෙහෙර් පමණියෙන් " යනු දෙමල විහාරයක් වෙනුවෙන් නින්දගම් කල භුම්භාගයක් පිලිබඳ අදහස් කර ඇත. ඒ අනුව දෙමළ භික්ෂුන් වාසය කල විහාරයක් පවතින්නට ඇති බව පෙනී යයි. එසේම එම ගම්හි සියලුදෙනා ඇතුලත්ව මේ ප්‍රදේශය තුල සිදුවන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය රාජ නියෝගයක් ලෙස දක්වා ඇත.
"මෙහි ඇතුළත්තාක් තැන කුහිවකු මරා කෙටුව, කඩපලා සොරකම් කල, තිර කොට් ගෙනැ , දස ගැමැ ඇත්තන් හින්දෑ විචාරා උපන් දැයට් පෑ හැකිසේ ලියා තබා
මැරුවෙහු මරා පට්වනු කොට් ඉසා
කඩපලා සොරුන් ගත් අයතියෙන් නියතකලාක් අයිතිය හිමි හට් ගෙන දී
එල්වනු කොට් ඉසා
තිර නොකළ දසගම ඇත්තන් පන්සාලිස් දවසෙකින් සොයාගෙනැ පට්වනු කොට් ඉසා
සොයා නොගත දස ගැමින් එක්සිය පස්විසි කලන්දක් රන් රදොලට් දෙනු කොට ඉසා
නොමරා කෙටුව දිව් මිල පනාස් කලන්දක් රන්කො ගන්නා කොට් ඉසා
නොපොහොත් ගෙදඩ් ගන්නා කොට් ඉසා "
ඒ අනුව සෙල් ලිපියෙන් දක්වා ඇති ප්‍රදේශයේ කිසිවෙකු මරා දැමුවහොත් හෝ භාණ්ඩ ගෙනයනු ලබන රෙදි ආදියෙන් කරන ලද පැස් ( මලු) පලා සොරකම් කල අයෙකු වී නම් එය ස්ථීරව දැනගෙන දසගම් ඇත්තන් ඉදිරියේ විචාරා නඩු තීන්දු ශාක්ෂි පෙන්වියහැකි සේ ලියා තබා මිනී මරුවන් මරා දැමිය යුතුයි, කඩපලා සොරුන් සොරාගත් දෙයින් නැවත සොයාගත් දෙය හිමිකරුට දී එල්වා දැමිය යුතුයි. සොරා අසු නොවුනහොත් දසගම් ඇත්තන් දින සතලිස් පහකින් සොයා දිය යුතුයි. එසේ අපරාධකරු සොයාගැනීමට නොහැකි වුවොත් දසගම් වලින් රත්රන් කලන් එකසිය විසිපහක් රාජ්‍ය නිලධාරියාට ගෙවිය යුතුයි.
යමෙකුට කොටා තුවාල කොට සඟවා සිටී නම් රන් කලන් පනහක් ගත යුතුයි එසේ ගෙවිය නොහැකි නම් ගෘහදන්ඩය පැනවියයුතුයි.
මේ අනුව පෙනෙන්නේ හරක් , එළුවන් සොරකම් කර මරා කෑම හෝ විකිණීම බහුලව සිදුව ඇති බවයි. එම නිසා එය මර්දනය සඳහා මරණීය දණ්ඩනය පැනවීම සිදුකර ඇත.
අනෙක් අතට මිනිසුන්ගේ භාණ්ඩ මලු කපා ඒවායේ භාණ්ඩ පැහැර ගන්න සොරුන් බහුල වන්නට ඇත. එම නිසා එවැනි සොරුන් එල්ලීමට අණ කර තිබේ. එබැවින් හෙළි වන්නේ මෙම ප්‍රදේශය විශාල වෙළෙඳ ප්‍රදේශයක්ව පවතී බවය. එසේම ගබඩා වැනි ස්ථාන පවතින්නට ඇත. ඒවායේ භාණ්ඩ මලු කපා බඩු හොරකම් කල අය සිටින්නට ඇත.
"අත් පා වහලට ගියාකුගෙන් දඩ පනාස් කලන්දක් රන් ගන්නකොට් ඉසා නොපොහොත් ගෙදඩ් ගන්නාකොට් ඉසා , ගෙදඩ් නැත අත් කපා පට්වනු කොට් ඉසා"
යනු යම් වහල් මෙහෙයෙහි යෙදුන අයකු සොරකම කර අසු වුවහොත් රන් කලන් පනහක් දඩ වේ. දඩය ගෙවීමට අපහසු නම් ගෘහ දණ්ඩ පැනවිය යුතුය. එසේ ගෘහ දණ්ඩ ගත නොහැකි නම් අත කැපිය යුතුය
මෙම ලිපියෙහි දැක්වෙන සුවිශේෂී නීතියක් වන්නේ ගවයන් හා එළුවන් මැරුවහොත් දෙනු ලැබූ දඬුවම්ය
"මීවුන්, ගෙරිගොන්, එළුවන් මැරුවන් මරා පට්වනු කොට් ඉසා නොමරා සොරාගෙන ගිය නියත කොට් ඔවුන් ඔවුන් කසිල සන් ලකුන් ඔබා හර්නා කොට් ඉසා තිර නොවත් කොටා පට්වනු කොට් ඉසා "
මේ අනුව මී හරක්, ගැල් බඳින ගවයින් , එළුවන් මැරූ අයට දුන් දණ්ඩනය මරණයයි. ඉහත සතුන් සොරකම් කරනා අයට දුන් දඬුවම ඉතා විශේෂිත එකක් වේ. ඒ සතුන්ගේ ඔබා තිබෙන හන සලකුණ සොරාගේ කිසිල්ලේ ඔබා පුළුස්සා දැමීමයි. කිසිල්ලේ තුවාලයක් වූ විට අත පහත හෙලාගෙන සිටිය නොහැක, මක්නිසාද යත් දහදිය දමන විට දැවිල්ල හට ගන්නා බැවිනි, එබැවින් තුවාලය හොඳ වන තුරු අත ඔසවාගෙන සිටීමට සිදුවේ.
අනෙක් අතට තුවාල හොඳ වීමට ගතවන කාලය වැඩි වේ. එසේම සොරකමක් තහවුරු නොවුවද චෝදනා ලාභියාට පහර දී එළවිය යුතුවේ.
බැහැරින් ගෙනෙන මී හරක්, එල හරක් , එළුවන් හඳුනාගෙන ඇපවීමක් සහිතව මිලට ගත යුතුය. සතෙකුගේ හන මකා හොරට විකුණන අය රත්කළ යකඩ පාවහන් වල සිටවිය යුතුය.
"අණ මැකුවන් රත් කල යමර වැඩියෙ සිට්වනු කොට් ඉසා"
මේ අනුව හරක් හොරුන්ට ඇවිදීමට නොහැකිවන දඬුවමක් ලබා දී ඇති බව පැහැදිලි වේ.
එසේම තම පරම්පරාවෙන් උරුම වූ මගුල් අවමගුල් පෙරහැර යනාදිය පෙරසේ කරගෙන යන ලෙසට නියෝග කර තිබේ. එසේම දසගමට නියමිත සීමාවෙන් අදාළ පුද්ගලයා පදිංචි ස්ථානයෙන් බැහැරට පැමිණ සිටීනම් ඔහු වෙනුවෙන් ඇපවෙන අයෙක් වී නම් හිදින්නට ඉඩදිය යුතුය, නමුත් වරදක් කර පැමිණ ඇතිනම් ඇප වෙන අයෙක් සිටිය නමුත් කල වරදට දඬුවම් ලැබීම පිණිස වරද කල ප්‍රදේශයේ මුලාදෑනි වරුන්ට භාර දිය යුතුය.
ලිපියේ අපරභාගයේ යම් අපැහැදිලි කමක් තිබුනද මෙම නීති පනවන්නට එක්තන්සමියෙන් හෙවත් රාජසභාවේ නියමයෙන් පැමිණි සභිකයන් වූ "ගොලිග්ගමු රක්සා ඉම ද , කුඩ සෙනු ද, මෙයිකාප්පර් වරුන්කු වූ ම්බුර්ගමු ලෝකෙහි , කතිරි අග්බෝ, කුඩසලා අරයන් ඇතුළු මෙතෙක් දෙනා ගේ නාමයම් හා තනතුරු පැහැදිලිව දක්වා තිබේ.
මෙම නීති වත්මන් සමාජය තෙක් ක්‍රියාත්මක වී නම් මෙරට අපරාධ කරන්නන්ගේ ගණන ඉතාමත් පහල මට්ටමක පවතින්නට හේතු වනවා නොඅනුමානය.
ප්‍රියන්ත දිසානායක.

Comments
Post a Comment